මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ කොස්තාපල්වරියකි.
අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී බදුල්ල නගරයේදී එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
අදාළ පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකාරිය අද (27) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





