/ Jan 29, 2026

රනිල්ගේ ෆයිල් එක අද ඇරෙද්දි ප්‍රධාන සැකකාර සමන් ඒකනායක අතුරුදහන්!

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව අද (28) යළි කැඳවන විට එහි ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතුරුදහන්ව ඇත.

මෙම නඩුකරයට අදාළව හිටපු ජනාධිපතිවරයා පසුවන්නේද ඇප මතය.

පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොණු කර තිබෙන අතර විත්තිකාර පාර්ශවය දිගින් දිගටම පැවසුවේ එම සංචාරය නිල සංචාරයක් බවයි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්සත් රාජධානිය වෙත ගොස් අදාළ විමර්ශන සිදුකර තිබෙන අතර එහිදී අනාවරණය වී තිබුණේ එය නිල සංචාරයක් නොව පෞද්ගලික සංචාරයක් බවයි.

ඒ අනුව එම සංචාරයට අදාළව මුදල අනුමත කිරීම සිදුවන්නේ ජනාධිපති ලේකම් හරහාය.

මෙම නඩුකරයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද සැකකරුවෙක් ලෙස නම් කර තිබෙන අතර ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිපති උපදෙස් ද ලැබී තිබුණි.

ඒ අනුව සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන නමුත් සැකකරු ඔහුගේ නිවසේ නොමැති අතර ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර ඇති බව සඳහන්.

පවතින තත්ත්වය මත සමන් ඒකනායක අතුරුදහන් බවයි පෙනී යන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top