/ Jan 29, 2026

රනිල්ට එරෙහිව මාර්තුවේ නඩු පවරනවා – නීතිපති අධිකරණයට දැනුම් දෙයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ චෝදනා එල්ල කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩුව ගොණුකර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානොත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් වෙත යාමට එම රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන අතර හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් පැවසුවද එය නිල සංචාරයක් නොව පෞද්ගලික සංචාරයක් බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වී තිබුණි.

මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපතිවරයා සිටින්නේද ඇප මතය.

ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top