දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, විනාශ වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම හරහා සැපයුම් දාමය යථාතත්ත්වයට පත් වූ බැවින් අපේක්ෂා කළ මට්ටමට ඉහළ යා නොදී උද්ධමනය පාලනය වූ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
සුළි කුණාටුව ඇති වූ දෙසැම්බර් මාසයේ උද්ධමනය යම් තරමක ඉහළ ගියද මේ වන විට එය නැවත 2% මට්ටම කරා පැමිණ තිබෙන බවයි ඔහු පවසන්නේ.
මේ අතර (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.





