සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක මෙහෙයුම් රැසකට මෙන්ම අපරාධ විමර්ශන රැසකට ඔහු මූලිකත්වය දී තිබුණි.
නව පත්කිරීමට පෙර ඔහු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.





