/ Jan 30, 2026

ඉරානයේ IRGC ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි!

යුරෝපා සංගමය විසින් ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතාවලට මාරාන්තික මර්දනයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර අසාදුලේඛන ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වනදා ඉරානයේ මුදල් ඒකකය විශාල වශයෙන් පහළ යාමත්, උද්ධමනය ඉහල යාමත්, ඊට එරෙහිව සිවිල් වැසියන් විසින් ඉරාන රජයට එරෙහිව ගෙනයන ලද උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ගිය මර්ධනකාරී පිළිවෙත ඊට හේතු වී තිබේ.

ඒ පිළිබඳව යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලස් සඳහන් කර තිබුණේ තමන්ගේම ජනතාව දහස් ගණනක් මරා දමන ඕනෑම පාලන තන්ත්‍රයක් තමන්ගේම විනාශය කරා ගමන් කරන බවයි.

කෙසේ නමුත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම තීරණය හෙළා දැක ඇත.

සිය රටට එරෙහිව ගනු ලැබූ මෙම තීරණය නීති විරෝධී, දේශපාලනික සහ ජාත්‍යන්තර නීතියට පටහැනි මෙන්ම රටේ අභ්‍යන්තර කටයුතු උල්ලංඝනය කිරීමක් වශයෙන් ඔවුන් සඳහන් කර තිබුණි.

1979 ඉරානයේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද IRGC යනු එරට හමුදාවේ ප්‍රභූ ශාඛාවක් වන අතර එය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සෘජුවම පිළිතුරු දෙන අතර ඉරාන මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන් අධීක්ෂණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top