වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකිරීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අදාල ගිවිසුම් ගත වීම අද (30) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, කම්කරු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අදාළ ගිවිසුම්ගත වීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී සිදු කෙරෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරු වැටුපද රුපියල් 1,700/- ක් දක්වා ඉහල නැංවීමට යෝජනා වූ අතර ජනාධිපතිවරයා විසින් 2026 අය-වැය මඟින් වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමටද යෝජනා කරන ලදී.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් ද අය-වැයෙන් වෙන් කෙරුණි.
මේ අනුව වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 400කින් වැඩි වන අතර, එය වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ ලැබෙන ඉහළම වැටුප් වැඩි වීමයි.





