/ Jan 30, 2026

දෙවෙනි වාරයේ සිට හෝ 6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – සමඟිය ඉල්ලයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉගැන්වීම් දෙවන වාරයේ සිට ආරම්භ කරන ලෙස සමඟි ජන බලවේගය පවසයි.

අද (30) කොළඹදී පවතී මාධ්‍ය හමුවේදී සමඟි ජන බලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා නොගන්න බවට ආණ්ඩුව සහතික කර පැවසුවද එය හකුලා ගෙන ඇති බවයි.

ඔහු පවසන්නේ විපක්ෂයේ කතා වලට බය නොවී 6 ශ්‍රේණිය අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.

”අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකරන්න ලෙස සමගි ජනබලවේගය ප්‍රකාශ කරලා නැහැ. හැකි ඉක්මනින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. ඒ වගේම පළමු වාරයේ නොහැකි වුණානම් දෙවැනි වාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව හැකියාව තිබෙනවා. ඒ වගේම මොඩියුල ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව ජනාධිපතිවරයා පිළිගන්නවා. ඒ වගේම ගුරුවරුන් නිසියාකාරව පුහුණ කර නැති නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇත්ත හෙළි කළ සජිත් ප්‍රේමදාසට හෝ සමගි ජනබලවේගයට පහර දීමෙන් අධ්‍යාපනයට යහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි පරිස්සමෙන් සිදුකළ යුතු දෙයක්.

ඒ වගේම ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තේ වැරද්දක් තිබෙන නිසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේදී රටේ සියලුම දෙනාගේ අදහස් ලබා ගත යුතුයි. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ අඩුපාඩු සහිතවයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන්න ආණ්ඩුව කටයුතු කළේ. කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා නොගන්නා බව කියු ආණ්ඩුවට අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තේ විපක්ෂය නිසා බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරන්න අධ්‍යාපඥයින් සම්බන්ධ වෙලත් නැහැ. විද්වතුන්ගේ උපදෙස් ලබාගෙන නැහැ. නමුත් වැඩේ වැරදුනාට පස්සේ විපක්ෂයට එය බැර කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top