/ Jan 31, 2026

විගණකාධිපති ධුරයට ජනපති තවත් නමක් යෝජනා කරයි!

පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යක්ෂ එම්. කේ. ජී. වික්‍රමසිංහගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර යවා ඇතැයි වාර්තා වේ.

එම්. කේ. ජී. වික්‍රමසිංහ කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (30) දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළඹී නොමැති බවත් අද (31) දිනයේදී මේ සම්බන්ධයෙන් සලකා බැලෙනු ඇති බවත් සඳහන්.

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගැනීමෙන් එම තනතුර පුරප්පාඩු වූ අතර ගතවූ මාස 9ක කාලය තුළ ජනාධිපතිවරයා විසින් විවිධ අවස්ථාවලදී විවිධ නම් 4ක් එම තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යැව්වත් ඒ කිසිවකට අනුමැතිය හිමි නොවුණි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී ඊට පිටින්, තම දේශපාලන හිතවතුන් මෙම තීරණාත්මක තනතුර සඳහා පත්කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා කළ අතර ආණ්ඩුව චෝදනා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නියෝජිතයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් සීමාව ඉක්මවා කටයුතු කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top