/ Feb 06, 2026

වටමේස සාකච්ජා අතරතුර ඇමරිකාව ඉරානයේ ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් බිම හෙළයි!

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව වෙත ආක්‍රමණශීලීව ළඟා වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙලූ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවෙන් ගුවන් ගත වූ F-35C රහසිගත ප්‍රහාරක ජෙට් යානයක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම හා ආත්මාරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන යානයට වෙඩි තැබූ බවයි.

එම වෙඩි තැබීමෙන් පසු, ගෝලීය වෙළඳාමට තීරණාත්මක ගල්ෆ් ජල මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දී IRGC හමුදා ඇමරිකානු ධජය සහිත සහ ඇමරිකානු කාර්ය මණ්ඩලයක් සහිත වෙළඳ නෞකාවකට ද හිරිහැර කළ බව වාර්තා අකර ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දින ඉරානයේ මුදල් ඒකකය ඉහල යාමත්, රාජාණ්ඩුවට එරෙහිව සිදු වූ උද්ගෝෂණ දැඩි ලෙස මර්දනය කිරීම මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම සඳහා ගිවිසුමක් සාකච්ඡා නොකළහොත් එයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී තර්ජනය කර තිබුණි.

කෙසේවෙතත් දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණීම වෙනුවෙන් මේ වන විට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ජා පැවැත්වෙන බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

යම්කිසි ලෙසකින් ඇමරිකාව ඉරානයට පහර දීමක් සිදුවුවහොත් ඊට මැදපෙරදිග කලාපයම වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටද ඉරානය අනතුරු අඟවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top