/ Feb 06, 2026

හදිසි අසනීපයක් – ඕලුගල ICU එකේ!

පසුගිය 30 වැනිදා රාත්‍රියේ හදිසියේ රෝගී වූ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සැලවේ.

රෝගී තත්වය ඇති වූ පසු පළමුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල වෙත ඇතුළත් කළ අතර විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

සහකාර පොලිස් අධිකාරිවරයා මේ වන විට යථා තත්වයට පත් වෙමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top