තම පාලන කාලය තුළ වරායවල් ඉදිකරද්දී ඊට විරුද්ධ වූ පිරිස් වර්තමානයේ ඒවායේ ගුණ ගැයීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“අපි වරායවල් හදනකොට විරුද්ධ උනේ ඔබතුමාලා. අද මෙතුමන්ලාගේ කටින්ම ඒ ඉදිකිරීම් හොඳයි. ඒවා තව ව්‍යාප්ත වෙන්න ඕන වගේ කතා කියන එක ගැන සතුටුයි. ඔබතුමාලා රතු කන්ටේනර් 323 ක් එළියට දාල තියෙනවා. හැබැයි පරීක්ෂණ නැහැ. ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා තිබියදීත් කුඩු කන්ටේනර් දෙකක් එළියට දාලා තියෙනවා. ඒවා ගැනත් ඔබතුමාලගේ න්‍යාය පත්‍රය ඇතුළේ පරීක්ෂණ නෑ. අපිට එන්න කියලා ඒවා අහනවා. මෙයාලගේ ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහල මොකටද?ඒ වගේම කරුණාකර ආගමික නායකයන් විවේචනය කිරීම නවත්වන්න. ජාතිවාදය අවුස්සන්නේ නෑ කියලා නැති ජාතිවාදයක් හවුස්සන තැනට සමාජය තල්ලු කිරීම නවත්වන්න.”
යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේ ය.





