දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය මත නිසා මව-පියා හෝ දෙදෙනාම අහිමි දරුවන් 103ක් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ (6) පැවති වැඩසටහනක දී ඇය මෙම කරුණු අනාවරණය කළේය.
ඒ අනුව එම දරුවන් රැකබලා ගැනීමට මෙන්ම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෙනම වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ඇය සඳහන් කළේ.
දෙමාපියන් නොමැති දරුවන් භාරගැනීමට කැමති බොහෝ දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර, අධිකරණ නියෝගයන්ට යටත්ව එම කටයුතු සිදුකිරීමට බලාපොරෝතුවන බව අමාත්‍යවරිය සඳහන් කරන ලදී.
අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ (6) පැවති වැඩසටහනකදීය.





