/ Feb 12, 2026

3ට අඩු දරුවන්ට ස්මාට් ෆෝන් එපා : ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්

දරුවාට ආදරේ නම් ස්මාර්ට් දුරකතන ලබා නොදෙන ලෙසත්, වයස අවුරුදු 3ට අඩු දරුවන් බොහොමයක් දැන් ස්මාට් දුරකතන නිසා රෝගී වී ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම නිසා පෙනීම අඩු වූ දරුවන් රෝහලට පැමිණීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවද ඔහු කියා සිටී.

අවුරුදු 3ට අඩු දරුවන්ට ස්මාට් දුරකතන ලබා දීමෙන් ඇස් වියළි වන බවත්, දුර්වල වන බවත්, කථන වර්ධනය අඩු වන බවත් සිනාව සහ කතාව අඩු වෙන බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top