/ Feb 12, 2026

PSTA ගැන අධිකරණ ඇමති සහ යුරෝපා සංගම් නියෝජිතයින් අතර සාකච්ජාවක්!

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වනදා දක්වා යොමු කළ හැකි අතර එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බව යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා ඇත.

මෙම සාකච්ඡාව සඳහා යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි,ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාමෙන් මොරේනෝ, යුරෝපා කොමිසමේ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ INTPA අධ්‍යක්ෂ ජනරාල් හා මැදපෙරදිග/ගල්ෆ්, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව යන අංශවල වැඩබලන ප්‍රධානී ජෑන් හොස්කින්ස් ,කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ දේශපාලන අංශ ප්‍රධානී/ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ගලිජා අගිසේවා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ASIAPAC.6 අංශයේ ශ්‍රී ලංකාව සඳහා නිලධාරී ඈන් වැන්හවුට්, යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ කොළඹ සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙසේ මහතා , යුරෝපීය කොමිසමේ INTPA අධ්‍යක්ෂ ජනරාල් කාර්යාල නිලධාරී පීටර්ස් තියඩෝර් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top