බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් එම වැඩ ඒකක භූමිය සහ පාසල වෙන් කෙරෙන තාප්පයේ ගැටීමෙන් තාප්පය කඩා වැටී ඇති බව සඳහන්.
කෙසේවෙතත් එම අනතුර සිදුවන අවස්ථාවේ තාප්පය අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි.
සිද්ධියට අදාළව බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට තිබෙන අතර බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.





