/ Feb 13, 2026

බංග්ලාදේශ මහ මැතිවරණය:ජයග්‍රහණය BNP තහවුරු කර ගනී!

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 299න් 211ක් දිනාගැනීමට සමත්ව තිබේ.

ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පාර්ශවය වූ ජමාත්-ඊ-ඉස්ලාමි (Jamaat-e-Islami) සන්ධානය ආසන 70ක් ලබාගෙන ඇති අතර එම ඡන්ද ප්‍රතිපල අනුව BNP පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීඩා ෂියාගේ පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

පසුගිය 17 වසරක කාලය පුරා තාරීක් රෙහ්මාන් ජීවත් වූයේ ලන්ඩන් නුවරය. ඒ, ඇගේ මව සහ පවුලේ සාමාජිකයන් ෂෙයික් හසීනාගේ පාලනය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු බැවිනි. ඔහු යළි පසුගිය දෙසැම්බරයේ බංග්ලාදේශය බලා පැමිණ තිබුණි.

2024 වසරේ සිසු අරගලෙයන් පසු බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවිය. ඊයේ (12) පැවැත්වූයේ සිසු අරගලයෙන් පසු පළමු මැතිවරණයයි.

නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු වූ අතර ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top