/ Feb 16, 2026

කටුනායක ගුවන් තොටුපොළේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක්!

රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් තිදෙනා කොළඹ හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන් පිරිමි පුද්ගලයින් දෙදෙනා 33හැවිරිදි වියේ හා 28 හැවිරිදි වියේ පසුවේ. කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

මොවුන් අතරින් එක් අයෙකු සම්භාහන ආයතනයක් පවත්වාගෙන යන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් තිදෙනා විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ පැකැට් 60ක් ලෙස අසුරා සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16යි ග්‍රෑම් 400ක් සඟවා තිබිය දී සොයා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් තිදෙනාව අද (16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top