/ Feb 18, 2026

පනත් කෙටුම්පත් දෙකක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය දන්වයි!

පනත් කෙටුම්පත් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා වෙත යොමුකර තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 වගන්තිය යටතේ අභියෝගයට ලක් කරන ලද පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ කුලී අවලංගු කිරීමේ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පෙබරවාරි 6 වන දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට ලබාදුන් තොරතුරු මත පදනම්ව, පනත් කෙටුම්පත් ඒවායේ වර්තමාන ස්වරූපයෙන් ඉදිරියට නොයන බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ වෙනුවට, අදාළ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා විශේෂඥ කමිටුවකට යොමු කරනු ලබන අතර, ඒවා නව පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු පියවර ගනු ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව, පෙත්සම්කරුවන් විසින් තම පෙත්සම් ඉල්ලා අස්කර ගෙන ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.3 වගන්තිය යටතේ විධිමත් තීරණයක් ප්‍රකාශ කිරීම අනවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කිරීමට නියෝග කළ බවද කථානායකවරයා තවදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top