/ Feb 17, 2026

T20 ලෝක කුසලානය: පැතුම් නිශ්ශංකගේ සුපිරි ඉනිමට ඕස්ට්‍රේලියානු නායකයාගෙන් පැසසුම්!

“මේ අදියරේ ලෝක කුසලාන තරගයකදී පන්දු 50කින් ලකුණු 100ක් ලබා ගත් කෙනෙකුට ඔබ තොප්පිය ගලවා ආචාර කළ යුතුයි. ඒක ඇදහිය නොහැකි ඉනිමක්. අද රාත්‍රියේ ඔහුට පිළිතුරු දෙන්න අපට එතරම් හැකියාවක් තිබුණේ නැහැ ” යනුවෙන් ICC, T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් ප්‍රකාශ කළේය.

ඊයේ (16) පවතී එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ ආතර් පැතුම් නිශ්ශංකගේ ක්‍රීඩා විලාසය එම ජයග්‍රහණයට මාර්ගය සකසා දෙන ලදී.

ඒ අනුව පැතුම් නිශ්ශංකගේ ඉනිමට ආචාර කරන බවයි ඕස්ට්‍රේලියානු නායකයා පැවසුවේ.

ICC, T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු තම කණ්ඩායමට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව තිබූ බව ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් පිළිගෙන තිබේ.

කෙසේවෙතත් සුපිරි 8 සඳහා සුදුසුකම් ලැබීම ගණිතමය වශයෙන් තම කණ්ඩායමට කළ හැකි බව ඔහු පැවසූ අතර ඔස්ට්‍රේලියාව සිම්බාබ්වේ කණ්ඩායම හමුවේද ලද පරාජය හේතුවෙන් ඔවුන් යම් සංකීර්ණ තැනක පසුවෙයි.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයේදී ඕවර අටකට පසු ඕස්ට්‍රේලියාව කිසිවකු නොදැවී ලකුණු 97ක් ලබා ගත් අතර අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.

ශක්තිමත් ආරම්භයෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම පාඩුවක් බව ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය.

ශ්‍රී ලංකාවේ හඹා යෑමේදී පින්න සැළකිව යුතු ලෙස තත්ත්වය වෙනස් කළ බවට යෝජනා ද මාෂ් ප්‍රතික්ෂේප කළේය.

“මම හිතන්නේ නැහැ එච්චර පිනි වැටුණා කියලා. මේ තත්ත්වයන් යටතේ සබඳතාව ඇදහිය නොහැකි තරම් වැදගත්. අපේ ආරම්භක සබඳතාව ඇරෙන්න අපට තවත් ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වුණා,” ඔහු සඳහන් කරන ලදී.

“අපට හොඳ වේදිකාවක් තිබුණා, නමුත් පසුපස අන්තයට යෑමට අපට නොහැකි වුණා.ශ්‍රී ලංකාව එය ලස්සනට පසුබස්වනු ලැබුවා,” යනුවෙන් මාෂ් තවදුරටත් ප්‍රකාශ කළේය.

තවදුරටත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන පැතුම් නිශ්ශංකගේ ඉනිම ගැන මාෂ් ප්‍රශංසා එක්කරමින් කියා සිටියේ “මේ අදියරේ ලෝක කුසලාන තරගයකදී පන්දු 50කින් ලකුණු 100ක් ලබා ගත් කෙනෙකුට ඔබ තොප්පිය ගලවා ආචාර කළ යුතුයි. ඒක ඇදහිය නොහැකි ඉනිමක්. අද රාත්‍රියේ ඔහුට පිළිතුරු දෙන්න අපට එතරම් හැකියාවක් තිබුණේ නැහැ ” යනුවෙනි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් 08 දෙනා අතරට තේරී පත්ව සිටින අතර අවසන් 8 දෙනාවෙත පැමිණීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට අයර්ලන්තය සමඟ පවතින තරඟය බලපෑම් සහගත වෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top