/ Feb 17, 2026

මෙරට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්!

ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ විශාල පෙරළියක් සිදුකිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලෝට්‍රෝන් පාදක විකිරණශිලි ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය විවෘත කිරිමේ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස සයික්ලෝට්‍රෝන් පාදක විකිරණශිලි ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය කටුනායක ප්‍රදේශයේ පිහිටුවා තිබේ.

දේශීය විකිරණශිලි ඖෂධ නිෂ්පාදනය පිළිකා රෝග විනිශ්චය ඉදිරියට ගෙන යන සංධිස්ථානයක් බවද අමාත්‍යවරයා කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top