ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් ඇසු විට එයට ලබා දෙන පිළිතුරු විනාඩි 5කට සීමා කරන්න ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස බිමල් රත්නායක මහතා පවසන බවත් එවිට රටේ මූල්‍ය පරිපාලනය, මූල්‍ය කළමනාකරණය, රට බංකොලොත් කිරීම යනාදී කරුණු ගැන කියන්න නොහැකි බවත් මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැකිලෙන බවත් විපක්ෂ නායකවරයා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පිළිතුරු ද විනාඩි 5කට සීමා කළ යුතු බවට පවසන බවත් විනාඩි 5කින් මූල්‍ය ප්‍රතිපත්තිය ගැන ආර්ථිකය ගැන ආදී සංකීර්ණ ප්‍රශ්න ගැන පැහැදිලි කිරීමක් කළ නොහැකි නිසා මේවාට සංකීර්ණ උත්තර දෙන්න අවස්ථාව තිබිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.





