/ Feb 20, 2026

ඩයස්පෝරාවේ විරෝධය නිසා නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙම මස අවසාන දින කිහිපය තුළ එක්සත් රාජධානියේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

මෙහිදී නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල පවත්වන උත්සව අවස්ථාවන්වලට සහභාගී වීමටද නියමිතව තිබුණු අතර කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගමය ඇමතීමට ද නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඩයස්පෝරා විරෝධය හේතුවෙන් එම දේශනය අවලංගුකොට ඇති බව සඳහන්.

එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිවේදනයක් නිකුත්කරමින් දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබාදී ඇති එම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top