/ Feb 21, 2026

විනිසුරුවරුන් මෝඩයන් ලෙස දක්වමින් ට්‍රම්ප්ගෙන් නව ගෝලීය බද්දක්!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව බද්ද පනවා ඇති අතර
ජනාධිපති ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේදැක්වෙයි.

එහිදී 6-3ක බහුතරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත්තේ ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරුබදු පනවා ට්‍රම්ප් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවයි.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරන ට්‍රම්ප් නව බද්ද ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ, එම තීන්දුව ‘දරුණු’ බවයි.

එමෙන්ම ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් ‘මෝඩයන්’ ලෙස ඔහු අර්ථ දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top