/ Feb 23, 2026

අමරකීර්ති ඝාතන නඩුව: දඩුවම් ලැබූවන්ට සාධාරණයක් ඉල්ලා ඥාතීන්ගෙන් ජනපතිට ඉල්ලීමක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය කිරීමේ නඩුවෙන් දඬුවම් නියම වූ විත්තිකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ ඥාතීන් පියවර ගෙන තිබේ.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි දඬුවම් නියම වූ අයගේ ඥාතීන් සඳහන් කරන්නේ.

ඒ අනුව එම සිද්ධියට අදාළව දඬුවම් නියම වී සිටින අය වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සාධාරණයක් ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවද එම පවුල්වල ඥාතීන් පවසයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබා දුන් තීන්දුවට ගරු කරන නමුත්, එම විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබීම එම පවුල් වල ඥාතීන්ට විශාල බලාපොරොත්තුවක් ගෙන දී තිබේ.

එම බලාපොරොත්තුව පෙරදැරි කරගෙන අභියාචනයක් ඉදිරිපත් කර මෙම විත්තිකරුවන් දොළොස් දෙනා නිදහස් කර ගැනීම ඔවුන්ගේ එකම අරමුණ වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top