/ Feb 27, 2026

මර්වින්ට හා ප්‍රසන්න රණවීරට අධිචෝදනා!

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (27) අධිචෝදනා භාර දී තිබේ.

ඒ,කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත විභාග වූ නඩුවට අදාළවය.

ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ එම නඩුව විභාගයට ගෙන තිබුණු අතර එම අවස්ථාවේදී විත්තිකරුවන් සියලු දෙනාටම විදේශගත වීම තහනම් කර ඇත.

ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණ භාරයට ගන්නා ලෙසද නියෝග කර තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අතිරේක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කර ඇත.

රජයේ ඉඩම් අනිසි ලෙස පරිශීලනය කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top