/ Feb 27, 2026

PTA එපා. PSTAත් එපා.මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්!

සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් අද (27) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

දේශපාලන පක්ෂ,සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් එය සංවිධානය කර තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වත්මන් ආණ්ඩුව යෝජනා කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වූ පනත් කෙටුම්පත් වෙනුවෙන් මහජන අදහස් විමසීම පසුගිය දිනවල සිදුවූ අතර අද එහි අවසන් දිනයයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව සංශෝධිත පනතද මර්දනීය පනත් බවත් ඒවා වහා හකුළා ගත යුතු බවත් විරෝධතාකරුවන් අවධාරණය කළ අතර සිය ඉල්ලීම් රැගත් සංදේශයක් අධිකරණ අමාත්‍යාංශය වෙත භාර දීමටද විරෝධතාකරුවන් කටයුතු කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top