/ Feb 28, 2026

අද රෑට අහස බලන්න. වසර ගණනාවකට පසු සෞරග්‍රහ මණ්ඩලය එක පෙළට!

අද ( 28) හිරු බැස යාමෙන් පසු සුවිශේෂී අභ්‍යවකාශ නිරීක්ෂණයක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසීය.

ඒ අනුව අද රාත්‍රී අහසේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8න් 6ක් දැකගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගිහාන් වීරසේකර මහතා පැවසුවේ හිරු බැස යාමෙන් පසු බටහිර දිශාවෙන් බුධ, සිකුරු, සෙනසුරු,සහ නෙප්චුන් යන ග්‍රහලෝකත් අහසේ ඉහළින් බ්‍රහස්පති සහ යුරේනස් යන ග්‍රහලෝකත් නිරීක්ෂණය කළ හැකි බවයි.

මෙහිදී පියවි ඇසින් බලා ගත හැක්කේ බුධ, සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක වන අතර යුරේනස් හා නෙප්චුන් යන ග්‍රහලෝක දැකගැනීම සඳහා දුරේක්ෂයක් භාවිතා කිරීමට සිදුවෙයි.

ග්‍රහලෝක සියල්ල සූර්යා වට එක තලයක පිහිටන විට මෙලෙස නිරීක්ෂණය කළ කළ හැකි අතර මෙය වසර ගණනාවකට වරක් දැකගත හැකි අවස්ථාවක් ලෙසයි ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top