ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් කිහිපයක් සිදුව තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාල අසල එම පිපිරීම් සිදුව ඇති බවටයි.
එම ප්‍රහාර ඊශ්‍රායලය විසින් සිදුකරන ලද මිසයිල ප්‍රහාර බවයි දැක්වෙන්නේ.
ඒ අනුව මේ වන විට ඊශ්‍රායලයද සයිරන් හඬ නගමින් ප්‍රති ප්‍රහාරයකට සූදානමින් සිටින බවද දැක්වෙයි.
ඊශ්‍රායලයේ ගුවන්තොටුපළ අධිකාරිය නිවේදනය කර ඇත්තේ සිවිල් ගුවන් ගමන් සඳහා ගුවන් අවකාශය වසා දමා ඇති අතර ගුවන් තොටුපළට නොපැමිණෙන ලෙසයි.





