එක්සත් ජනපදයට අවශ්‍ය නම් යුද්ධයකට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එක්සත් ජනපදයට අනතුරු අඟවා ඇත්තේ අල්-ජසීරා සමඟ සිදු කළ සාකච්ඡාවකදීය.
අල් කමේනි ඇතුළු ඉරාන ප්‍රබලයන් ඝාතනය කිරීමෙන් පසු ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා ඒකකය පවසන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ස්ථාන වෙත “පළිගැනීමේ” ප්‍රහාරවල තුන්වන සහ සිව්වන රැල්ල අඛණ්ඩව සිදුවන බවය. ඒ අනුව ඊශ්‍රායලයේ ඉලක්ක්ක රැසකට මෙම ප්‍රහාර එල්ලකරන බව ඉරානය කියා සිටී.
ඒ අතර ඉරාන බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම තවත් 95 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
අමෙරිකා එක්සත් ජනපදටය සහ ඊශ්‍රායලය සිය රතු රේඛාව ඉක්මවා කටයුතු කර ඇති බැවින් දරුණු ප්‍රහාර එල්ල කීරීමට තමන් සූදානම් බව ඉරාන කතානායකවරයාද අවධාරණය කර තිබේ.





