මාසයකට අධික කාලයක් සඳහා පවත්නා තෙල් තොග ප්‍රමාණවත් බවත්, මැයි දක්වා ඇනැවුම් ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවනු ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, අදාළ ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම බාධාවක් නොවන බවයි. පසුගිය වසර පුරාවටම මැදපෙරදිග කලාපයෙන් මෙරට ආනයනය කර ඇත්තේ, එක් ඉන්ධන නැවක් පමණක් බවයි ඔහු අවධාරණය කළේ.
“පෝලිම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා. දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, තෙල් සැපයුම් කරනවා. ” යනුවෙන් සභාපතිවරයා කියා සිටියේ ය.
ගබඩා කිරීම සඳහා බූලිවලට තෙල් එකතු කරන්නන්ට එරෙහිව රජය නෛතිකව කටයුතු කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.





