/ Mar 01, 2026

කුවේට් ඇමරිකන් කඳවුර සුන් කළා : ඉරානය කියයි!

සිය උත්තරීතර නායකයාගේ ඝාතනයෙන් පසු අද (01) මැද පෙරදිග කලාපයේ රටවල් නවයක පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු 27 කට, ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ ටෙල් නොෆ් ගුවන් හමුදා කඳවුරුට හයවැනි වරටත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසයි.

ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමට ලබාදෙන පිළිතුර ඉතාමත් දරුණු හා වේදනාකාරී එකක් වනු ඇති බව පවසන එම බලකාය, වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ කුවේට්හි අබ්දුල්ලා මුබාරක් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බවයි. ම ප්‍රහාරය සඳහා බැලස්ටික් මිසයිල හතරක් සහ ඩ්‍රෝන 12 ක් යොදාගත් බවද පැවසේ.

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළටද ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගුවන් තොටුපොළ සේවකයන් පිරිසකට සුළු තුවාල සිදුවී පර්යන්තයන්ට සුළු හානි සිදුව තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top