/ Mar 02, 2026

කුවේටයේදී ඇමරිකානු ජෙට් යානයක් කඩා වැටෙයි!

කුවේට්හිදී අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබේ.

අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින් යානයේ එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ.

එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩබැස ඇති අතර පසුව ප්‍රදේශවාසීන් ඔහුට සහය වී ඇති නමුත්, යානයේ සිටි අවි පද්ධති ක්‍රියාකරුගේ තත්ත්වය පිළිබඳව මුලින් තොරතුරු වාර්තා වී නොතිබුණි.

කෙසේවෙතත් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවි ගලවා ගෙන ඇති බව පසුව වාර්තා වී තිබූ අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බවද කුවේට් වාර්තා පෙන්වා දෙයි.

මෙම යානය කඩා වැටීමට හේතුව ඉරාන මිසයිල ප්‍රහාරයක්ද, නැතහොත් කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ වීමෙන් පසු මේ දක්වා මෙහෙයුම්වලින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top