/ Mar 03, 2026

මැදපෙරදිග රටවල් 14කින් ඉවත් වන්නැයි ඇමරිකානුවන්ට දැනුම් දීමක්!

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

ඒ අනුව බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top