මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර 205ක් අවලංගු කිරීමට එම කලාපයේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ ගුවන් සමාගම් පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් ගමන් 107 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව යන ගුවන් ගමන් 98 ක් වශයෙනි. ඕමානය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ ඔස්සේ මේ වනවිට සමහර ගුවන් සේවා සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
එංගලන්තය , ජර්මනිය සහ ප්‍රංශය වෙත මැදපෙරදිග කලාපය මගහැර වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ” විශේෂිත ගුවන් යානා ” මගින් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන් පිටත් කර හැරීමට පියවර ගනිමින් සිටී. මේ සදහා අතිරේක ගුවන් ගමන් කාළයක් වැය වෙන බැවින් , එම ගුවන් යානා වල ගුවන් භාණ්ඩ රැගෙන යාම සීමා කිරීමට ඇත.
ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසින් මේ වනවිට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් වෙනත් විවිධ රටවල රැදී සිටින බවද වාර්තා වේ. මෙරට සංචාරක කර්මාන්තයට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති මේ තත්වය ඍජුවම බලපෑම් කරමින් තිබේ.





