ඉරානය සමඟ පවතින ගැටුම් අවසන් වූ පසු කියුබාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට පියවර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ජාත්‍යන්තර නීති නොතකා හරිමින් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා හමුදා බලය භාවිතා කිරීමට තමා සූදානම් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.
මෙම ප්‍රකාශය හරහා ලතින් ඇමරිකානු කලාපය තුළ තම දේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමට ඇමරිකාව දරන උත්සාහය මැනවින් පැහැදිලි වන අතර ආර්ථික සහ මිලිටරිමය වශයෙන් එල්ල කරන බලපෑම් හමුවේ කියුබානු රජය පෙරළා දැමීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව ද ට්‍රම්ප් විශ්වාස පළකර ඇත.
කියුබානු ආර්ථිකය දුර්වල කිරීම සඳහා ඔහුගේ පරිපාලනය දැනටමත් දැඩි සම්බාධක පනවා ඇති අතර වෙනිසියුලාවේ තෙල් සැපයුම අත්හිටුවීම හරහා එම පීඩනය තවත් වැඩි කර ඇත.





