/ Mar 11, 2026

ඉරාන සහයට උතුරු කොරියාව එක් වෙයි

ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා ලෙස පත්වූ මොජ්ටබා කමේනිට උතුරු කොරියාවේ සහය පළ කර ඇතැයි වාර්තා වේ.

එසේම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කරන ප්‍රහාර නීතිවිරෝධී බවත් උතුරු කොරියාව එම ප්‍රහාර හෙළා දකින බවත් උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එලෙස ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව කණස්සල්ල පළකරන බවද උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකා – ඊශ්‍රායල, ඉරාන යුද්ධයේ 12 වැනි දවස වූ අද උතුරු කොරියා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රකාශය නිකුත් කර තිබූ අතර වැඩි දුරටත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මැර කණ්ඩායමක් ලෙස මැද පෙරදිග කලාපයේ කටයුතු කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top