ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර සති දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම සම්පූර්ණයෙන් විවෘත කළ යුතු බව ට්‍රම්ප් ජනපතිවරයා අවධාරණය කර තිබේ. ඉරානයද කරුණු 10කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය සාම සාකච්ඡා සඳහා සුදුසු පදනමක් බව ඇමරිකාව සලකන බව දැනගන්නට ඇත.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා 10 වැනිදා ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිත බවද විදෙස් පුවත් ඒජන්සි පවසයි.
සටන් විරාමය ව්‍යාජයක් නොව, දෙරටම එකඟතාවක් සහිත එකක් බව විදෙස් මාධ්‍ය පවසන අතර ලෝකයට හුස්මක් ගැනීමට විරාමයක් ලැබී තිබෙන බව මේ අනුව පෙනී යයි.





