/ Apr 09, 2026

පිල්ලෙයාන්ගේ පොත ලිව්වේ රොහාන් ගුණරත්න – රාසා කියයි!

පාස්කු සමූල ඝාතනය හෙවත් ” ඊස්ටර් පඩුකොයි” නමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් විසින් රචනා කළ බව කියමින් පොතක් 2024 එළි දැක්වූ අතර එම පොත ලියා දී ඇත්තේ ආරක්ෂක විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න යන අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් අද (09) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ය.

පිල්ලෙයාන් යන අයට පොතක් ලිවීමට කිසිසේත්ම හැකියාවක් නැති බව බොහෝ දෙනෙක් දන්නා බවද ශානක්‍යයන් මන්ත්‍රීවරයා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් ඉදිරියට කරගෙන යෑම ගැන තමන්ගේ ස්තුතියි ආණ්ඩුව වෙත පළ කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top