/ Apr 10, 2026

ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සමඟිය උද්ඝෝෂණයක!

සමඟි ජන බලවේගය විසින් අද (10) බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී විරෝධතාවක් පැවැත්විය.

විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු රථවාහන තදබදයක් ඇතිව තිබුණු අතර ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඔවුන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා, මුජිබුර් රහුමාන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top