/ May 27, 2026

මත් ජාවාරම් සැකකරුවෙකු සමඟ දුරකතන සම්බන්ධතා චෝදනා – මුජිබර්ගෙන් CID ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සිසිර සෙන්පති සඳහන් කර තිබේ.

ඒ, බෝගම්බර බන්ධනාගාරයේ පල්ලෙකැළේ කොටසේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකු සහ මන්ත්‍රීවරයා අතර දුරකතන ඇමතුම් 53ක් හුවමාරු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වීමත් සමඟය.

විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ රැඳවියා සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ බව සැක කෙරෙන ජංගම දුරකතනයක් සොයා ගැනීමෙන් අනතුරුව එම දුරකථනය පිළිබඳ සිදුකළ සවිස්තරාත්මක පරීක්ෂාවේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි.

එහිදී දුරකතන ඇමතුම් වාර්තා සහ සම්බන්ධතා දත්ත පරීක්ෂා කිරීමේදී, මන්ත්‍රීවරයා සහ සැකකරු අතර කාලයක් පුරා සම්බන්ධතා පැවැති බවට තොරතුරු හෙළිවී ඇති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top