ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ 5වන සහ 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට බැර කර තිබේ.
IMF විධායක මණ්ඩලය පසුගිය 27 වැනිදා පැවති රැස්වීමේදී මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව එම මුදල් ලැබී ඇත.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබීය.
එහි පස් වන සහ හය වන සමාලෝචනය අනුමත කිරීම සඳහා IMF විධායක මණ්ඩලය ඉකුත් 27 වනදා රැස් වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා තිබුණේ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවට සහ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දී තිබුණි.






