/ Jun 13, 2026

මාස 4කදී අල්ලස් ගත් රජයේ 41 දැලේ : වැඩිම පිරිස පොලිසියේ!

පසුගිය ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා වූ කාලසීමාව තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද විවිධ නඩුවලට අදාළව පුද්ගලයන් 51 දෙනෙකු අධිකරණය හමුවේ චුදිතයන් බවට පත්ව ඇති අතර මෙලෙස චෝදනා ලැබූවන් අතරින් බහුතරයක්, එනම් 41 දෙනෙකුම විවිධ තනතුරු දැරූ රාජ්‍ය නිලධාරීන් වන අතර අනෙක් පිරිස සිවිල් පුරවැසියන් වේ.

මෙම 41 දෙනාගෙන් වැඩි පිරිස පොලිස් නිලධාරීන් බව සඳහන් වේ.  ජාතික රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන් සිව්දෙනෙකු ද, නාගරික සංවර්ධන අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියෝජනය කළ නිලධාරීන් දෙදෙනා බැගින් ද මෙම පිරිසට ඇතුළත් වේ. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ අඩවි වන නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස නඩු පවරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් අතර වන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top