/ Jun 23, 2026

ආරක්ෂක නිලධාරීන් ගැට ගසා බැංකු සේප්පුවේ රන් ආභරණ කොල්ල කාලා!

පුද්ගලයින් තිදෙනෙකු විසින් මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේප්පුවක් කඩා එහි තිබූ රන් ආභරණ තොගයක් රැගෙන පලාගොස් තිබේ.

අද (23) අලුයම 1.00ට පමණ එම කොල්ලය සිදුව ඇත.

බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇති එම පිරිස එහි සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයෙන් එයට ඇතුළු වී ඇති අතර පසුව ඔවුන් එහි තිබූ සේප්පුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන පලා ගොස් ඇති බව සඳහන්.

අදාළ සැකකරුවන් තිදෙනා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top