/ Jun 30, 2026

ඉන්ධන වර්ග දෙකක මිල පහළට!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලංකා අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම් ද ඇතුළුව) අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි.

කෙසේවෙතත්, ලංකා සුපිරි ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top