/ Jul 03, 2026

පාකිස්ථානයේ බස් රථයක් පෙරළීමෙන් 40ක් මරුට!

නිරිතදිග පාකිස්ථානය අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් ගැඹුරු පාෂාණමය මිටියාවතකට පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තිබේ.

“ක්වෙටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ මගී බස් රථයක් කඳුකර ඩනා සාර් ප්‍රදේශයේ ගැඹුරු පාෂාණමය මිටියාවතකට පෙරළීමෙන් එම නතුර සිදුව ඇති අතර තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ෂෝබ් දිස්ත්‍රික්කයේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානී සනවුල්ලා ෂෙරානි ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ “බසය අඩි 70 සිට 80 දක්වා (මීටර් 21 සිට 24 දක්වා) පමණ දුරින් පිහිටි මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි.

අද (03) අළුයම් කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

වේගයෙන් ධාවනය වූ බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල මායිම අසල දුරස්ථ ප්‍රදේශයක පිහිටි පාෂාණමය මිටියාවතකට පෙරලි ඇති අතර අනතුරට පත් බස් රථය අතරමඟදී කාර්මික දෝෂයකට ලක්ව ධාවනය කරගැනීමට නොහැකි වූ තවත් බස් රථයක සිටි මගීන් පිරිසක් රැගෙන විත් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top