ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ ආරම්භයේ දී පවුලේ සාමාජිකයන් සමඟ මියගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය සඳහා රටවල් 100 කට වැඩි ගණනක නියෝජිතයින් ඇතුළුව මිලියන 10 කට අධික ජනතාවක් ටෙහෙරානයට එක්වනු ඇතැයි අපේක්ෂා කරයි.
ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඉරාන ජාතික ධජයෙන් ආවරණය කරන ලද කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇත.
සිය නායකයාගේ වියෝවෙන් සංවේදී වූ දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිටම දිගු පෝලිම්වල රැඳී සිටි අතර යාඥා සංකීර්ණයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඔවුහු අවසන් ගෞරව දැක්වීම සඳහා ඇතුළු වීම අරඹා තිබුණි.
ගැටුම් ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 එල්ල වූ ප්‍රහාරයෙන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය අතර පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව වහාම භූමදාන කටයුතු සිදු කිරීමට නොහකින් විය.
වසර 37ක් පුරාවට ඉරානයට නායකත්වය දෙමින් ඉරානයේ දීර්ඝ කාලයක් නායකත්වය ඉසිලූ ඓතිහාසික චරිතකය් ලෙස ඔහු ඉරාන ඉතිහාසයට එක්වනවා සේම ලෝක ඉතිහාසය තුළ අයතුල්ලා අලි කමේනි සිය නාමය සලකුණු කර තිබේ.
මෙම ඓතිහාසික අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ටෙහෙරානයේ ආරක්ෂාව දැඩි කර තිබෙන අතර එම ගුවන් කලාපයද තාවකාලිකව දින කිහිපයක් වසා දමා ඇත.
උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ දේහය දින 3ක් පුරා ටෙහෙරාන් නුවර තැන්පත් කර තැබීමෙන් අනතුරුව ඉරානයේ ෂියා දහමේ ශුද්ධ වූ නගරයක් වන කොම් නුවර වෙත දේහය රැගෙන යනු ලබයි. ඉන් අනතුරුව ඉරාකයේ පිහිටි ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගර වන නජාෆ් සහ කර්බාලා වෙත දේහය රැගෙන ගොස්, කමේනිගේ උපන් නගරය මෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන මෂාඩ් නුවර පිහිටි ඉමාම් රේසා දේවස්ථානයේදී දේහය භූමදානය කිරීමට නියමිතය.
භූමදාන කටයුතුවලින් පසුව ද දින 40ක් පුරා රට පුරා නිල අනුස්මරණ උත්සව පැවැත්වීමට සූදානම් කර තිබේ.
ඉරානය ඉරාකය සමඟ යුද්ධයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටියදී 1989 දී කමේනි උත්තරීතර නායකයා බවට පත්විය. ඔහුගේ කාර්යාලය හරහා සන්නද්ධ හමුදා, අධිකරණය, රාජ්‍ය විකාශනය සහ ප්‍රධාන උපායමාර්ගික පත්වීම් අධීක්ෂණය කිරීම සිදුවිය.
ඔහුගේ පාලනය යටතේ, IRGC ආරක්ෂාව, දේශපාලනය සහ ආර්ථිකය තුළ ප්‍රමුඛ බලවේගයක් බවට පත්විය. ඉරානය එහි බැලස්ටික් මිසයිල වැඩසටහන ද පුළුල් කළ අතර, එය එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ කලාපීය ප්‍රතිවාදීන්ට එරෙහිව වැළැක්වීමක් ලෙස සැලකීය.
ඔහුගේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය බටහිර රටවල් සමඟ වඩාත්ම මතභේදාත්මක ගැටළු වලින් එකක් ලෙස පැවතුනි. ඉරානය න්‍යෂ්ටික අවි සොයමින් නොසිටින බවත්, යුරේනියම් පොහොසත් කිරීමේ අයිතිය ආරක්ෂා කරන බවත් කමේනි අවධාරණය කළේය.
ඔහුගේ කලාපීය උපාය මාර්ගය මිත්‍ර පාක්ෂික රජයන් සහ සන්නද්ධ කණ්ඩායම් මත රඳා පැවතුන අතර, ඉරානයේ බලපෑම පුළුල් කළ නමුත් ගල්ෆ් අරාබි රාජ්‍යයන්, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආතතීන් ගැඹුරු කළේය.
රාජ්‍යය දුර්වල කිරීමට වඩා, ඔහුගේ මරණය බොහෝ ඉරාන වැසියන් සඳහා පෙළගැස්වීමේ ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත.
කටාර්හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය පෝල් මස්ග්‍රේව් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉරානයේ අභාවප්‍රාප්ත උත්තරීතර නායකයා ඉරාකයේ ද වැදගත් චරිතයක් බවයි.






