/ Jul 24, 2026

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF/ETF මත සිදු කළ බලපෑම නිවැරදි කරන්න – සජිත් රජයෙන් ඉල්ලයි

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල මෙරට දශ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයේ මූලික සුරක්ෂිතභාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කරන ප්‍රධාන අරමුදල් දෙකක් වන අතර මෙම අරමුදල් සේවකයන්ගේ හා සේවා යෝජකයන්ගේ දායකත්වයෙන් ගොඩනැගී ඇති නිසා ඒවායේ පාලන ව්‍යුහය කළමනාකරණ ක්‍රමවේදය නීතිය රාමුව වෙනස් කිරීමේ දී සේවකයන්ගේ අයිතිවාසිකම් දැනට පවතින ප්‍රතිලාභ අරමුදල්වල ආරක්ෂාව සහ ස්වාධින කළමනාකරණය ගැන විශේෂ අවධානයක් යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමිනි.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යටතේ දැනට ලියාපදිංචි හා ප්‍රතිලාභ ලබන සමස්ත සාමාජිකයන් හා සමස්ත වත්කම් වටිනාකම් ඉදිරිපත් කරන ලෙසත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල සදහා ලියාපදිංචි පෞද්ගලික සේවා යෝජක ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම මේ වන විට ලියාපදිංචි නොමැති වාර්තා ගත සේවා යෝජක ආයතන සංඛ්‍යාවත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් ඒකාබද්ධ කිරීම හෝ තනි පාලන රාමුවක් යටතට ගෙන ඒමේ ශක්‍යතාව අධ්‍යයනයට පත්කර ඇති කමිටුවේ සාමාජිකයන් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි පාලන ව්‍යුහයේ වෙනසක් කිරීම පරිපාලනමය වෙනසක් නොවන බවයි ඔහු පැවසුවේ.

එහි සේවක නියෝජනය වෘත්තීය සමිති නියෝජනය ස්වාධීන විශේෂඥ නියෝජනය ප්‍රමාණවත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා වන ප්‍රතිපත්තිමය හා පරිපාලනමය හේතු ඉදිරිපත් කරන ලෙසත් මෙම යෝජනාව සම්බන්ධයෙන් වෘත්තිය සමිති සේවා යෝජක සංවිධාන සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන් මහ බැංකුව හා මූල්‍ය මෙන්ම නියාමන ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් අදහස් විමසා ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

අරමුදල්වල සැබැ හිමිකරුවන් වන සේවකයන්ගේ පූර්ණ විශ්වාසය හා කැමැත්ත නොමැතිව මෙවැනි ප්‍රතිපත්තිමය වෙනසක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට පටහැනි නිසා සැබෑ අදහස් විමසීමක් සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවද හෙතෙම විමසා සිටියේය.

මෙවැනි සංවේදී ප්‍රතිසංස්කරණයක් සම්බන්ධ සියලු යෝජනා හා විරෝධතා ඉදිරිපත් කළ යුතු බවත් විවිධ පාර්ශ්ව ලබා දුන් අදහස් හා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තවද සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ඒකාබද්ධ කිරීමේ යෝජනාව මගින් පවතින පරිපාලන ගැටලු විසදීම අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම ඒකාබද්ධ කිරීම වෙනුවෙන් විධිමත් අධ්‍යයනයක් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ජාත්‍යන්තර ප්‍රමිති ආදිය සැලකිල්ලට ගෙන ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

එමෙන්ම මෙම කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ රජයට ඉදිරිපත් කරන දිනයත් එම නිර්දේශ මත පදනම්ව සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සම්බන්ධ අවසන් ප්‍රතිපත්තිමය තීරණය ගන්නා කාලය සේම සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ඒකාබද්ධ කළ හොත් එහි වත්කම් රජයේ සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා සඳහා යොදා ගැනීම වැළැක්වීමට ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ඒකාබද්ධ කිරීමෙන් සේවකයන්ට ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන ප්‍රතිලාභ ඉදිරිපත් කරන ලෙසත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ඒකාබද්ධ කිරීමෙන් දැනට සේවකයන්ට හිමි ප්‍රතිලාභ ආදිය සහ නීතිමය ආරක්ෂාව අඩු නොවන බවට වන රජයේ සහතික කිරීම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියාසිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දීමේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට විශාල කප්පාදුවක් කර සුපිරි ධනවතුන් බේරා ගත් බවත් එය නිවැරදි කරන්න රජය ගන්නා ක්‍රියාමාර්ගය ද ඉදිරිපත් කරන ලෙසත් හෙතෙම අවධාරණය කරන ලදී.

එසේම මේ යෝජිත වෙනස් කිරීම් ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් පාර්ලිමේන්තුවේදී ලබා දෙන ලෙසද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

බැදුම්කර ක්ෂේත්‍රයේ සිදුවූ ගණුදෙනු නිසා විශාල පාඩුවක් වී ඇත බවට රජය පවසන බවත් මේ පාඩුව නැවත රජයට ලබා ගැනීමේ නෛතික ක්‍රමවේදය සේම වැරදි කළ අයට නිසි ක්‍රියාමාර්ග ගෙන වැඩ කරන ජනතාවගේ මුදල් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අයි.එම්.එෆ්. ගිවිසුම අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී අර්ථසාධක අරමුදලට විශාල බලපෑමක් වූ නිසා මේ වරද කඩිනමින් නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top