උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලයි.
රජයේ තීරණයෙන් ඒ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන බවයි ඔවුන් පවසන්නේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකොට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවට ඇති විශ්වාසනීයත්වය සහ අඛණ්ඩ ගෞරවය ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය තවදුරටත් පවසයි.
ඒ අනුව මෙරට ප්‍රාථමික අධිකරණ විනිසුරුවන් වන දිසා විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයද මෙම යෝජනාවට විරෝධය පළ කරමින් ජුලි මස 11 වනදා පැවති මහා සභා රැස්වීමේදී යෝජනාවක් සම්මතකරගෙන තිබුණු අතර ඒ පිළිබඳ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමටද එම සංගමය තීරණය කර තිබේ.
එවැනි පසුබිමක උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය එකඟ නොවන බව දන්වමින් එම සංගමය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට ලිපිය යොමුකර ඇත.
මෙම සංශෝධනය නොකළ යුත්තේ ඇයිද යන්න පිළිබඳ කරුණු දක්වමින් අධිකරණ සේවා සංගමය පවසන්නේ යෝජිත සංශෝධනයත් සමඟ ඉදිරි වසර දෙකක කාලය තුළ අධිකරණ නිලධාරියෙකු ඉහළ අධිකරණයකට හෝ ශ්‍රේණියකට උසස්වීම සම්පූර්ණයෙන්ම ඇණ සිටීම සිදුවන බවයි.
එසේම අධිකරණ නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම සඳහා ගතවන කාලය මෙම සංශෝධනය හේතුවෙන් තවත් වසර දෙකකින් දීර්ඝ වන බවද ඔවුන් පවසයි.
ඒ තුළ මහාධිකරණයට පත්වීමේ ක්‍රමවේදයේ අසමතුලිතතාවය වර්ධනයවීම හා අධිකරණයේ වෘත්තීය විනිසුරු සංයුතිය දැඩි ලෙස පහත වැටීම සිදුවන බවද අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.
මෙම යෝජිත සංශෝධනය හරහා අධිකරණවල සේවය කරන විනිසුරුවන්ගේ වෘත්තීය අභිප්‍රේරණය දැඩි ලෙස පිරිහෙන බවත්, අධිකරණ සේවයේ ආකර්ෂණය අඩුවීම නිසා දක්ෂ තරුණ නීතිඥයින් වෙනත් මාර්ග තෝරාගනු ඇති බවත් අධිකරණ සේවා සංගමය සිය නිවේදනය තුළින් වැඩිදුරටත් දැනුම් දී තිබෙන ඇත ඒ අනුව මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකර අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.






