අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (11) පැවසීය.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපියේ අඩංගු කරුණු අනුව තමා සහ අධිකරණ අමාත්‍යවරයා මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවය.
“මහානාහිමිවරුන් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන 22වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් එකට ඉදිරිපත් කරන්න කලින් මමත් අධිකරණ ඇමතිතුමත් කරුණු පැහැදිලි කිරීමක් කළා. අපේ පැත්තෙන් අපි අදහස් දැක්වුවා. අපි බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයට මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනත් සංශෝධනය ගෙන එන්න කලින් මේ කරණු ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්වල ස්වාමීන්වහන්සේලාට අපි කරුණු ඉදිරිපත්කළා “






